කංගනා ඉන්දීය දේශපාලනයට එන්න දරණ වැයමක්ද මේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ තිරගත වූ ‘තලවි’ චිත්‍රපටයේ රඟපෑ කංගනා රණවුත් මේ වනවිට තවත් දේශපාලන කතාවක් රැගත් චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබේ. කංගනා සම්බන්ධ ඒ සියලු තොරතුරු පරයා මේ වනවිට වාර්තා වන්නේ ඇය මහාරාෂ්ට්‍ර රජයේ ප්‍රධාන අමාත්‍ය උද්ධච් තැකරේට බැණ වදින විඩියෝවක් ඉන්දියාව පුරා ප්‍රසිද්ධ වීමය.

එය මීට මාස කිහිපයකට පෙර සිදුවූවක් වුවද නැවතත් එය ඉන්දියාව පුරා ප්‍රසිද්ධ වෙමින් පවති. වාර්තාවන අන්දමට මෙම විඩියෝව නැවත සමාජගත කර ඇත්තේ කංගනාගේ පාර්ශවයේ කෙනෙක්ද නැතහොත් අමාත්‍ය උද්ධච් තැකරේ පාර්ශවයේ කෙනෙක්ද යන්න ගැටළුවකි. නමුත්, නිල නොළත් ආරංචි මාර්ග පවසන්නේ කංගනා දේශපාලනයට පිවිසිම අරමුණින් මෙම විඩියෝව නැවත ප්‍රසිද්ධ කර තිබෙන බවය.