ඔස්කා සම්මානලාභි ඒ.ආර්. රහමන් රංගනයට පිවිසිමේ සූදානමක්
සංගීතඥයෙකු ලෙස ජාත්‍යන්තරයේ ඉහළ ප්‍රසාදයක් ලද ඔස්කා සම්මානලාභි ඒ.ආර්. රහමන් නුදුරේම රංගනයට පිවිසිමේ සූදානමකින් පසුවෙන බව වාර්තා වෙයි. මේ වනවිට නිතර සමාජජාලා තුළ තොරතුරු බෙදාහදා ගන්නෙකු ලෙස ප්‍රසිද්ධව සිටින රහමන් මීට දින කිහිපයකදි ඉන්දීය රසිකයෙකු සමග වූ සංවාදයකදී මේ බව පවසා ඇත.
රහමන් පවසන්නේ අවස්ථා කිහිපයකදීම තමට රංගනයට ඇරයුම් ලැබුණ බවත් ඒ වනවිට සංගීතඥයෙකු ලෙස ස්ථාවර වෙමින් සිටින නිසා එම ඇරයුම් ප්‍රතික්ෂේප කළ බවත්. කෙසේ නමුත්, මේ වනවිට තමා රංගනයට ඉතා ඇලුම් කරන බවත් නුදුරේම සිනමාව තුළ තමන්ව දකින්නට ලැබෙනු ඇති බව ඔහු පවසා තිබේ.