ඔස්කාර් උළලේ පෙරළි කළ ජර්මන් චිත්රපටය
ජර්මන් චිත්රපටයක් වූ ඕල් කුයිට් ඔන් ද වෙස්ටන් පොන්ට් චිත්රපටය මෙවර ඔස්කාර් සම්මාන උළලේදී පෙරළියක් කළ චිත්රපටය බවට පත් විය. සම්මාන නමයක් සඳහා නිර්දේශ වූ මෙම චිත්රපටය ඉන් සම්මාන හතරක් දිනා ගැනීමටද සමත් විය.
ඒ අතර හොඳම විදෙස් චිත්රපටය ලෙසද සම්මාන දිනා ගැනීමට මෙම චිත්රපටය සමත්වීම විශේෂත්වයකි. එඩ්වඩ් බ්රගර්ඩබල් විසින් අධ්යක්ෂණය කරනු ලැබු මෙම චිත්රපටය ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කළ එකක්ද වෙයි.