ඔස්කාර් උළෙල දෙවනත් කළ කම්මුල් පහර ගැන, විල් ස්මිත්ගේ පාපොච්චාරණයක් ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමාජ ජාලා කැළඹීමකට පත් කළ 'ඔස්කාර් කම්මුල් පහර' ගැන කණගාටුව පළ කරමින්, විල් ස්මිත් අතිශය සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.

පසුගියදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් මෙසේ කම්මුල් පහර ගැසුවේ, නිවේදන කටයුතු භාරව සිටි ක්‍රිස් රොක් හට යි.

සිය ක්‍රියාවේ බැරෑරුම් කම තේරුම් ගැනීමෙන් පසුව විල් ස්මිත් ඔස්කාර් ඇකඩමියේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ නමුත් ප්‍රශ්නය තවත් දුර දිග ගියා.

අනතුරුව ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් ද පැවැත්වුණා.

විනය පරීක්ෂණයට පෙර ඔහු කියා සිටියේ තමන් එහි ඕනෑම ප්‍රතිඵලයක් භාරගැනීමට සූදානම් බවයි.

ඒ වන විටත් විල් ස්මිත් කම්මුල් පහර වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබුණා.

තමන්ගේ ක්‍රියාවන් ”කම්පනය ඇති කරවනසුලු’ සහ ”සමාව දිය නොහැකි ඒවා” බවයි ඔහු කියා තිබුණේ.

විල් ස්මිත් තමන්ගේ බිරිඳට ‘නුසුදුසු විහිළුවක්’ කළ බව කියමින් කම්මුල් පහර එල්ල කළේ හාස්‍ය ශිල්පියෙකු ද වන ක්‍රිස් රොක් ටයි.

ප්‍රහසන ශිල්පියෙකු වන, නිවේදන කටයුතු භාරව සිටි ක්‍රිස් රොක් විල් ස්මිත් කුපිත වන්නට තරම් කළ විහිළුව කුමක්ද?

විල් ස්මිත්ගේ බිරිඳ වන හොලිවුඩ් නිළියක් ද වන ජෙඩා පින්කට් ස්මිත් (Jada Pinkett Smith) ගැනයි ඔහු විහිලු තහලු කළේ.

ඒ ගැන ඇසූ ගමන් විල් ස්මිත් ට යක්ෂයා ආවේශ වී තිබුණා.

අතුල් පහරෙන් පසුව සිය අසුන වෙත යන විල් ස්මිත් අනතුරුව දෙවරක් මෙසේ ද කෑ ගැසුවා.

”උඹේ ඔය *** කටෙන් මගෙ ගෑණිගෙ නම කියන්න එපා!”

එදා ප්‍රසිද්ධ සමාව ඇයැදීමෙන් (ඔහු ඉන්ස්ටා එකට වීඩියෝ එකක් දාලා තිබුණා.) පසු කාලයක්ම විල් ස්මිත් නිහඬව සිටියා.

"ක්‍රිස් මම ඔයාගෙන් සමාව ඉල්ලනවා. මගේ හැසිරීම පිළිගන්න බැහැ මට. ඒකයි මම මේ කතා කරන්නේ. ඒ මොහොතේ එක දෙයක් මම තේරුම් ගත්තේ නෑ. ඒ දෙයින් කී දෙනෙක්ගේ හිත් තුවාල වුණාද ?"

"මම දැඩි ලෙස පසුතැවෙනවා. මම මනුෂ්‍යයෙක්. මම වැරැද්දක් කළා.."

එසේම විල් ස්මිත් ක්‍රිස්ගේ මවගෙන් ද සමාව ඉල්ලා සිටියා.