ඔක්කොටම කලින් විවාහ වෙන ආතියා
සිනමා නිළි ආතියා ෂෙට්ටි හා ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලොකේෂ් රාහුල් අතර විවාහය තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිතව ඇත. උදා වූ නව වසරේ ඉන්දියාවේ සිදුවන පළමු සුපිරි විවාහ මංගල්‍යය මෙය වීම විශේෂත්වයකි.
මේ වනවිට රාහුල් හා ආතියාගේ මුම්බායි නිවස විදුලි ආලෝකයෙන් වර්ණවත් කර තිබෙන අතර, ඔවුන්ගේ විවාහය ජනවාරි 21 වැනිදා සිට 23 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව ඇත. 23 වැනිදා ඔවුන්ගේ විවාහ පොරොන්දම් හුවමාරු වන අතර, එය ආතියාගේ පියා වූ සුනිල් ෂෙට්ටිය අයත් ඛන්ඩලා හි පිහිටා ඇති ගොවිපළේදී පැවැත්වීමට සූදානම් කර තිබේ.