ඊබ්‍රහිම්ගේ කුළුඳුල් චිත්‍රපටයේ වැඩ සියල්ල ඉවරයි

  • 19-06-2023
  • Views 94

සායිෆ් අලී ඛාන් හා අම්රිතා සිංට දාව උපන් ඊබ්‍රහිම් අලි ඛාන්ගේ කුළුඳුල් චිත්‍රපට රංගනය ඇතුළත් සර්සමීන් චිත්‍රපටයේ වැඩ කටයුතු සියල්ල මේ වනවිට අවසන්ව තිබෙන බව සඳහන් වෙයි. ඊබ්‍රහිම්ගේ වැඩිමහල් සොහොයුරිය වූ සිනමා නිළි සාරා අලී ඛාන් පවසන්නේ සිය සහෝදරයාගේ චිත්‍රපටය ගැන මේ වනවිටත් විශාල ප්‍රේක්ෂක පිරිසකගේ උනන්දුව මතුව ඇති බවය.

එමෙන්ම කාලයකට පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන කරන් ජෝහර්ගේ ‘රොකී ඕර් රාණි කී ප්‍රේම් කහානි’ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව සිදු කර ඇත්තේද ඊබ්‍රහිම් බව සඳහන් වෙයි. ඊබ්‍රහිම්ගේ කුළුඳුල් සිනමා රංගනය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුවෙකු වූ බෝමන් ඉරානිගේ පුත් කයෝසි ඉරානි විසින් බව සඳහන් වෙයි.