ඇෆ්ගනිස්තානය ගැන දුක් වෙන නිළියෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇෆ්ගනිස්තානයේ අගනුවර කාබුල් තලේබාන් පාලනයට නතු වීමත් සමඟම එහි ජන ජීවිතය  උඩුයටිකුරු වී ගියේය. ඒ පිළිබඳව බොලිවුඞ් වැසියන්  ද කණගාටු වන්නේ චිත්‍රපටි රූගත කිරීම් සඳහා වරින්වර ඔවුන් ද එහි ගොස් ඇති බැවිනි. 
ධර්මාත්ම ඇෆ්ගනිස්තානයේ රූගත කෙරුණ පළමුවෙනි හින්දි චිත්‍රපටියයි. ඒ 1975 දීය. එහි ප්‍රධාන චරිත රඟ පාන ලද්දේ හේමා මාලිනී සහ ෆෙරෝස් ඛාන් විසිනි. එහි නිෂ්පාදක හා අධ්‍යක්ෂ වූයේත් ඔහුමය.
“මම ඒ චිත්‍රපටියෙ රඟ පැවේ අහිගුණ්ඨික කෙල්ලකගෙ චරිතයක්.. මගේ දර්ශන ඔක්කොම තිබුණෙ ඇෆ්ගනිස්තානෙමයි.. මගේ අම්මයි තාත්තයි දෙන්නත් මගෙත් එක්ක එහෙ හිටියා.. ෆෙරෝස් අපිව හොඳට බලා ගත්තා.. ඒ කාලෙ එහෙ හිටියෙ හරිම සාමකාමී, ප්‍රීතිමත් ජනතාවක්.. ඔවුන්ට මේ සිද්ද වුණ දේ ගැන හිතනකොට මට ලොකු කණගාටුවක් දැනෙනවා..” ඇය සඳහන් කර තිබිණි. 
ඇෆ්ගනිස්තානයෙන් පලා යාම පිණිස ගුවන්තොටුපොළට පැමිණි ජනතාව ගුවන් යානයක එල්ලී යාමට තැත් කිරීමේදී කිහිප දෙනෙකු ඇද වැටී මිය යන දර්්ශන සහිත වීඩියෝ පටියක් පසුගිය දිනවල අන්තරජාලයේ සංසරණය වූයේය. 
“ඒක දැක්කම මට දැනුණේ හදවත නැවතුණා වගේ දෙයක්..”
එසේ කියා තිබුණේ අනුෂ්කා ශර්මාය. 
තලේබාන් පාලනයට නතු වීමත් සමඟම ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට උදා වූයේ නරක කලදසාවකි. ඔවුන්ට රැකියාවලින් ඉවත් වෙන්නට සිදු වූ අතර ඔවුන් පෙනී සිටින දැන්වීම් ද ඉවත් කරනු ලැබිණි. 
“මුලු ලෝකෙම කාන්තාවෝ සාධාරණත්වය ඉල්ලද්දි ඇෆ්ගන් කාන්තාවන්ට සිද්ද වෙලා තියෙන්නෙ ලොකු අසාධාරණයක්..  මේ අසාධාරණය වෙනුවෙන් නැගී ඉන්න කියලා ලෝක නායකයන්ට අපි බල කරමු..” රී චක්‍රබෝර්ති කියන්නීය. 


More In Hot Story