ඇෂ්ටන් හා මිලාට යුක්‍රරේන් ජනාධිපතිවරයාගෙන් තුති
ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක ආධාර මුදලක් පිරිනැමිම හේතුවෙන් හොලිවුඩ් සුපිරි සිනමා නළුනිළි යුවලක් වන ඇෂ්ටන් කුචර් හා මිලා කුවින්ස් දෙදෙනාට යුක්‍රරේන් ජනාධිපති වොලෝඩිමර් සෙලෙන්ස්කි සිය ස්තුතිය පුද කර තිබේ.
විඩියෝ සංවාදයකට එකතු වෙමින් යුක්‍රරේන් ජනාධිපති මේ බව පවසා තිබේ. අවශ්‍යම මොහොතේදී මෙවැනි ආධාරයක් ලබා දෙන්නට කටයුතු කිරිම ස්තුති කළ නොහැකි තරම් පුන්‍ය කටයුත්තක් බව පවසන ජනාධිපති සෙලෙන්ස්කි ඇෂ්ටන් හා මිලාට මෙහි මුලිකත්වය ගෙන කටයුතු කිරිම පිළිබඳ සිය කෘතවේදිත්වය පළ කර තිබුණි.