ඇට්ලේ කුමාර්ගේ චිත්රපටයක රඟපාන අජිත් කුමාර්
ෂාරුක් ඛාන් රඟන ජවාන් චිත්රපටය අධ්යක්ෂණය කරන ඇට්ලේ කුමාර් එම චිත්රපටයෙන් පසුව තවත් අලුත් චිත්රපටයක වැඩ කටයුතු ආරම්භ කරන්නට සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ. මෙවර ඔහුගේ චිත්රපටයේ විරයා ලෙස තෝරා ගෙන ඇත්තේ අජිත් කුමාර්ය.
අජිත් මේ වසරේ රංගනයෙන් දායක වූ තුනිවූ චිත්රපටය සිය වියදම් මුදල ආවරණය කරගන්නට තරම් මුදල් උපයා ගැනීමට සමත් වූ අතර, එය ඔහු කාලයකට පසුව රගපෑ අසාර්ථක චිත්රපටයක්ද විය. විජේගේ වරිසු තිරගත වීමත් පසුව ෂාරුක්ගේ පතාන් තමිල්නාඩුවේ ප්රදර්ශනය කරන්නට අවසර දීමත් හරහා අජිත්ගේ චිත්රපටය අඩු ආදායමක් ලබන්නට හේතු වු බව සඳහන් වෙයි.