ඇට්ලේගේ චිත්‍රපටයට ෂාරුක් දින දහයක කාල සටහනක් හදයි
අති සාර්ථක දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළ ඇට්ලේ කුමාර්ගේ නවතම චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන චරිතයට පණ පොවන සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් දින දහයක රූපගත කිරිම් කාලසටහනක් ලබාදී ඇතැයි දැන ගැනිමට ලැබේ.
මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් එළැඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ආරම්භ වීමට නියමිතව ඇත. ෂාරුක් ඛාන් සමගින් පළමු වතාවට මෙහි දකුණු ඉන්දීය සුපිරි නිළි නයනතාරා රංගනයෙන් දායක වෙන බව දැන ගැනිමට ලැබේ.