ආලියා නැතිවුණත් රන්බිර් කරන් ජෝහර්ගේ සාදයට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කරන් ජෝහර්ගේ උපන්දින සාදයේදී බොහෝ පිරිසකගේ අවධනය යොමු වු සිදුවීමක් බවට පත් වූයේ අලුත විවාහ වූ ආලියා භාට් මෙම සාදයට නොපැමිණිමය. කෙසේ වෙතත්, රන්බිර් කපූර් සිය මව නෙතු සිං සමගින් කරන් ජෝහර්ගේ උපන්දින සාදයට පැමිණ සිටිනු දක්නට ලැබුණි.

වාර්තා වන අන්දමට ආලියාට මෙසේ  කරන්ගේ උපන්දින සාදයට නොපැමිණිමට හේතු වී ඇත්තේ ඇය සිය පළමු හොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ මේ වනවිට රැඳී සිටිම හේතුවෙනි.