ආමීර්ට හා ජූහිට බැණ වැදුණු ටැක්සි රියැදුරෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ක්යාමත් සේ ක්යාමත් තක් චිත්‍රපටිය හින්දි සිනමා ඉතිහාසයේ පෙරළියක් ඇති කළ වාණිජ චිත්‍රපටියකි. එය මොන තරම් ජනප්‍රිය වී ද යත් ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වූයේය. විලියම් ෂේක්ස්පියර්ගේ ඓතිහාසික ප්‍රේම වෘත්තාන්තය වන රෝමියෝ ජුලියට්හි නූතන අනුවාදය ලෙසින් හැඳින්වෙන මේ චිත්‍රපටිය විසින් ආමීර් ඛාන් සහ ජූහි චව්ලා ජනප්‍රියත්වයේ ඉහළම තලයට ඔසවා තබනු ලැබිණි. 

එහෙත් චිත්‍රපටිය තිරගත වෙන්නට පෙර කිසිවෙකු ඔවුන් දැනහැඳින සිටියේ නැති බව ද, එම නිසාම සිදු වූ අකරතැබ්බයක් ගැන ද  ජූහි චව්ලා පැවසුවේ කපිල් ශර්මාගේ ජනප්‍රිය රූපවාහිනී වැඩ සටහනට එක් වෙමිනි. සාමාන්‍යයෙන් චිත්‍රපටියක් ප්‍රදර්ශනය වෙන්නට පෙර එහි ප්‍රචාරක කටයුතු සඳහා යන්නේ එහි රඟපාන නළුනිළියන්ය. එහි සම්ප්‍රදායික ප්‍රචාරක ක්‍රමයක් වන්නේ කුලී රථවල චිත්‍රපටිය පිළිබඳ පෝස්ටර ඇලවීමය. ජූහි හා ආමීර් ඒ සඳහා ගියේ මුම්බායි හි කුලී රථ නැවතුම්පොල වෙතය. 

“මට තවමත් මතකයි ඒකෙ එක පේළියට ටැක්සි නවත්තලා තිබ්බා.. අපි ටැක්සියෙන් ටැක්සියට ගිහින් පෝස්ටර් අලවන්න අවසර ඉල්ලුවා.. සමහරු කෙළින්ම එපා කිව්වා.. තවත් සමහරු පෝස්ටරේ බලලා ආමීර්ගෙ පොටෝ එක පෙන්නලා ඒ කවුද ඇහැව්වා.. එයා ආමීර් ඛාන්.. චිත්‍රපටියේ වීරයා.. මම කිව්වා.. ඊ ළඟට මේ කවුද කියලා මගේ පොටෝ එක පෙන්නුවා.. ඒ මමයි කිව්වට කවුරුවත් විශ්වාස කළේ නෑ.. අඳුනන්නෙ නැති නළුනිළියො දෙන්නෙක් ඉන්න පෝස්ටරයක් තමන්ගෙ ටැක්සියේ අලව ගන්න අකැමැති වුණ ඔවුන් අපිව පන්නලා දැම්මා.. සමහරු නම් කැමැත්තෙන්ම අලවා ගත්තා..”

ඒ මතක සිහිපත් කරමින් ජූහි පැවසුවාය. 

හම් හෑ රාහි ප්‍යාර් කේ, ඉෂ්ක් ඇතුළු චිත්‍රපටි කිහිපයක ආමීර් සහ ජූහි රඟ පා තිබේ.