ආනල්ඩ්ගෙන් රුසියානු ජනාධිපති පුටින්ට ඉල්ලිමක්
‘ටර්මිනේටර්’ තරුව ලෙස ප්‍රසිද්ධ ආර්නෝල්ඩ් ස්වාස්නෙගර් පසුගිය සති අන්තයේදී සිය ටිවිටර් ගිණුම හරහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ. ඒ දැනට රුසියාව හා යුක්‍රරේනය අතර පැවැත්වෙන යුද්ධය නවතා දමන ලෙසය.
හිටපු කැලිෆෝනියානු ආණ්ඩුකාරවරයාද වන ආනල්ඩ් සිය ටිවිටර් ගිණුම හරහා විනාඩි කිහිපයක විඩියෝවක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත. එමෙන්ම ඔහු විසින් කළ එම කතාව රුසියානු භාෂාවෙන් උපසිරැසි කර තිබුණ බවද සදහන් වෙයි.