ආන්යා ටේලර් ජෝයිගේ ටිවිටර් ගිණුම් හැක් කරලා
ද නිව් මියුටන්ස් ඇතුළු ජනප්රිය හොලිවුඩ් චිත්රපට කිහිපයකම රඟපෑ ආන්යා ටේලර් - ජෝයිගේ විටිටර් ගිණුම ජනවාරි 30 වැනිදා කිසියම් පුද්ගලයෙකු විසින් හැක් කර ඇතැයි වාර්තා වෙයි. ආන්යා පවසන්නේ The Queen's Gambit ටෙලි කතා මාලාවේ දෙවැන්න වෙනුවෙන් සැකසුණ දැන්වීමක් පළ කිරීමෙන් අනතුරුව තමන්ගේ ටිවිටර් ගිණුම මෙසේ හැක් වූ බවය.
The Queen's Gambit ටෙලි කතා මාලාවේ පළමු අදියරයේ රඟපෑ ආන්යා එහිදි ඉහළ ප්රේක්ෂක ප්රතිචාර දිනාගන්නට සමත් විය. මෙම කතා මාලාවේ දෙවැන්න මේ වනවිට යළිත් අරඹන්නට කටයුතු කර තිබෙන අතර, එය දැනුවත් කිරිමේ අරමුණින් ආන්යා මෙසේ තම ටිවිටර් ගිණුමට එම ප්රචාරක දැන්වීමක් එකතු කළ බව පවසා ඇත.