ආදිත්‍යා සිය දියණිය සමග පළමු දිවාලිය සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායකයෙකු වූ උදිත් නාරායන්ගේ එකම පුත් ආදිත්‍ය නාරායන් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසය. ඊට අමතරව ටෙලි හා චිත්‍රපට නළුවෙකු මෙන්ම ගයකයෙකු ලෙසද කටයුතු කරන ඔහු මීට වසරකට පෙර සිය විවාහය ජනප්‍රිය රියැලිට තරුවක් වූ ස්වේතා අග්‍රවාල් සමගින් සිදු කරගනු ලැබීය.

මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ දිවාලි උත්සවය වෙනුවෙන් ආදිත්‍ය තමන්ගේ එකම දියණිය ත්‍රිවිෂාගේ ඡායාරූපයක් සිය සමාජ පිටු අතරට එකතු කොට තිබුණි. ඊට ඔහු විසින් සටහනක්ද තබා තිබුණ අතර, එය අපේ දුව Tvisha එක්ක අපේ පළවෙනි දිවාලි උත්සවය. එබැවින් එය ඉතා සුවිශේෂී අවස්ථාවකි. එසේම එය අපි අපගේ නව නිවසෙහි දීපවාලි උත්සවය සමරනු ලබන්නේද පළමු අවස්ථාවටයි යන්නය.