ආක්ෂය ඛන්නා ‘දර්ශියම්’ දෙවැනි චිත්රපටයට එකතු වෙයි
2000 දශකයේ බොලිවුඩයේ වඩාත් කතාබහට ලක්වූ සිනමා තරුවක් වන ආක්ෂය ඛන්නා සිය පියා වූ සිනමා නළු විනෝද් ඛන්නාගේ මරණයෙන් පසුව චිත්රපටවල එතරම් දකින්නට නොලැබුණ නළුවෙකි. අවසන් වරට ඔහු රංගනයෙන් දායක වූයේ State of Siege: Temple Attack චිත්රපටයේය. එය මීට වසර ගණනාවකට පෙර රූපගත කළ චිත්රපටයකි.
මේ වනවිට ආක්ෂයට අලුත් චිත්රපටයක් සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබි තිබෙන අතර, ඒ අජේ දේව්ගන් හා තාබු රංගනයෙන් දායක වූ ‘දර්ශියාම්’ චිත්රපටයේ දෙවැන්න සඳහාය. ආක්ෂය ඛන්නා මෙහි පොලිස් පරික්ෂවරයෙකු ලෙස රංගනයේ යෙදේ.