අවසානයේ බොලිවුඩයේ නැට්ටුක්කාරයාට මංගල සීනු හැඬවේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රිතික් රෝෂන් සුසෑන් ඛාන්ගෙන් දික්කසාද වුණාට පස්සේ ඔහු වසර ගණනාවක් තනිකඩවයි හිටියේ. ඔහුගේ නම කන්ගනාට සම්බන්ධ වුණත් එය කටකතාවක් බව පසුව අනාවරණය වුණා. ඔහුගේ පෙම් සබඳතාවක් හෝ විවාහයක් ගැන ඉන්පස්සේ කිසිම සඳහනක් තිබුණේ නෑ. නමුත්, වසර ගණනාවකට පසු, රිතික් අවසානයේ සබා අසාද් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වී අත් අල්ලාගෙන පිටතට පැමිණෙන අයුරු පැපරාසි කාචවලට හසු වුණාට පස්සේ වීරයා ආයෙමත් ආදරයක් එක්ක කරළියට ඇවිත් තියෙනවා.

පසුගිය දින කිහිපයේ රාත්‍රී භෝජන සංග්‍රහ තුන හතරක ඔවුන් දෙදෙනා දැක ඇති නමුත් ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ සම්බන්ධය ගැන සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර කළා. මේ නිසා ඔවුන් ඇත්තටම පෙම් සබඳතාවක් පවත්වනවාද යන්න පිළිබඳව සියලුදෙනාටම තිබුණේ කුතුහලයක්.

නමුත් දැන්, රිතික්ගේ මාමා, සංගීතඥ රාජේෂ් රෝෂන්, සමාජ මාධ්‍යවල ඡායාරූපයක් පළ කර ඇති අතර, එය කතා බහට ලක් වෙමින් තියෙනවා.
රාජේෂ් රෝෂන් තමන් සහ රිතික් රිතික්ගේ නිවසේ දිවා ආහාරය ගන්නා ඡායාරූපයක් බෙදාගෙන තිබෙනවා. සබා අසාද් මෙම දර්ශනයේ මුළු රොෂාන් පවුල සමඟම දක්නට ලැබෙනවා.

ඉරිදා, රාජේෂ් රොෂාන් සටහනට සිරස්තල දක්වා තිබුණේ, "පවුලේ අය සමඟ දිවා ආහාරය ගැනීමත් ප්‍රීතිමත් අත්දැකීමක්." යනුවෙනුයි. ඉතින්, දැන් සබා මුළු රොෂාන් පවුල සමඟ මෙම ඡායාරූපයේ සිටින විට, ඇය සැබවින්ම රිතික් සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව රසිකයන්ට තහවුරු කර ගන්න පුළුවන්. ඉතිරිව ඇත්තේ රිතික්ට නිවේදනයක් නිකුත් කිරීම පමණයි.

රිතික්ගේ හිටපු බිරිඳ වන සුසෑන් ඛාන් සබාගේ එක් පෝස්ටුවකට සුබවාදී ප්‍රතිචාර දැක්වීමෙන් පසුව එය ද සාකච්ඡාවට බඳුන් වුණා. සබා ඉතා ආදරණීය වචන වලින් ඇයට ස්තුති කළා.

මේ අනුව රිතික් - සබා සබඳතාවයට හැමෝම සහය දීලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රිතික් දැන් ඔහුගේ සම්බන්ධය ප්‍රසිද්ධියේ පිළිගනු ඇතැයි රසිකයින් අපේක්ෂා කරනවා.