අලියා භාත්ගේ රන්බීර් වර්ණනාව
සිය පෙම්වතා වන රන්බීර් කපූර් ඕපාදූප කතා කරන්නෙකු හෝ අනෙක් අයගේ නරක සොයන්නෙකු නොවන බැව් ආලියා භාත් පවසන්නීය. මේ දිනවල ඇය සිටින්නේ සිය අලුත්ම චිත්‍රපටිය වන ගංගුබායි කතියාවදී ප්‍රචාරක කටයුතුවල නිරත වෙමිනි. ඔහු තමාට උදව් කරන තරම ගැන ද ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබේ.
කෙනෙකු ගැන කිය යුතු හොඳක් නැත්නම් ඔහු ඒ තැනැත්තා පිළිබඳව කතා නොකරම සිටිනවා මිස ඔහු ගැන නරක දේවල් කියන්නේ නැත. ඔහු ඕපාදූප සොයන්නෙකු ලෙස කටකතා පැතිර තිබුණත් එය එහෙම පිටින්ම බොරුවක් බැව් ආලියා පවසයි. ඔහු තමාට උදව් කිරීමට සැදීපැහැදී සිටීම සහ තමා වෙනුවෙන් පෙනී සිටීම ද ඇය අගය කරන්නීය.
අජේ දේව්ගන් සමඟ ආලියා රඟ පාන ගංගුබායි කතියාවදි චිත්‍රපටිය පෙබරවාරි 25 දා ප්‍රදර්ශනය ඇරඹෙයි. මීට අමතරව රොකී ඕර් රාණි කී ප්‍රේම් කහානි, ඩාර්ලින්ස්, ආර්ආර්ආර්, චිත්‍රපටි තුළින් ද දැක ගන්නට ලැබෙනු ඇත.