අලුත විවාහ වූ යුවළට අලුත් වැඩකට අතගහයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල් දෙදෙනා විවාහයෙන් පසුව එකට සිටින කලා නිර්මාණයක් දැක ගැනීමට රසික පිරිස් වඩාත් කැමැත්තෙන් පසුවෙන බව නොරහසකි. බොහෝ දෙනෙකු මොවුන් දෙදෙනාගේ විවාහය ගැන අදහස් දක්වද්දි පවසා තිබුණේ විකි හා කත්‍රිනා එකම චිත්‍රපටයකින් දැක ගැනීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටින බවය.

බොහෝ දෙනෙකුගේ කැමැත්ත අනුව මේ වනවිට විකි හා කත්‍රිනා දෙදෙනා පෙනි සිටින කලා කටයුත්තක් නුදුරේම ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට අවස්ථාවක් ලැබි තිබෙයි. මෙය චිත්‍රපටයක් නොවන අතර, ලොව සුපතල වෙළෙඳ ආයතනයක් මඟින් විශේෂ ව්‍යාපෘතියක් ඉලක්ක කරගෙන නිර්මාණය කරන වෙළෙඳ දැන්විම් පෙළක් බව සඳහන් වෙයි.