අර්ජුන් කපූර්ගේ විවාහය ලබන වසරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රකට කපූර් සිනමා පවුලේ සාමාජිකයෙකු වන යොවුන් නළු අර්ජූන් කපූර් ලබන වසරේ විවාහ වීමට නියමිත බව ප්‍රවිණ ජෝතිර්වේදියෙකු බොලිවුඩ් සිනමා වෙබ් අඩවියකට පවසා ඇත. අර්ජූන් කපුර් මේ වනවිට බොලිවුඩයේ සිටින ජනප්‍රිය පෙම්වතෙකු වන අතර, ඔහුගේ පෙම්වතිය වි ඇත්තේ නර්තන ශිල්පිනියක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක් වූ මලෙයිකා ආරෝරාය.

මලෙයිකා සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ගේ හිටපු නැනා වන අතර, සල්මාන්ගේ බාළ සොහොයුරු අර්බාස් ඛාන් ඇයගේ හිටපු සැමියාද වෙයි. අර්බාස් හා මලෙයිකාට දාව මේ වනවිට පිරිමි දරුවන් දෙදෙනෙකුද සිටියි. ඔවුන් දැනට සිය මව වූ මලෙයිකා සමගින් ජිවත් වෙයි.