අයි. පී. එල් සමාප්ති උළෙලේදී රන්වීර් රොකී වෙලා
අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගනයේ පැවති අයි. පී. එල් තරඟාවලියේ අවසන් තරඟය නිමා වූයේ ගුජරාටි ටයිට්න්ස් කණ්ඩායමට සිය මංගල ජයග්‍රහණය හිමි කර දෙමිනි. මෙහි සමාප්ති උළෙලේදී රන්වීර් සිං සිය නර්තන දක්ෂතා විදහා පාමින් ලක්ෂයකට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් අමන්දානන්දයට පත් කළේය.
“මම මුළු ක්‍රීඩාංගනයම ගිනි තියන්නයි යන්නෙ..”
සිය සංදර්ශනය සඳහා වේදිකාවට නැඟෙද්දී රන්වීර් සිං පැවසුවේ පොරොන්දුවක හඬිනි.
ඔහු පළමුවෙන්ම 83 චිත්‍රපටියේ ගීතයක් සඳහා රංගනයක් ඉදිරිපත් කළේය. එය ඉන්දියාවේ ක්‍රිකට් පුරාවෘත්තය කපිල් දේව්ගේ ජීවිත කතාව අනුසාරයෙන් නිර්මාණය කරන ලද, රන්වීර් ප්‍රධාන චරිතය රඟ පෑ චිත්‍රපටියයි. ඉනික්බිතිව ඔහු කුළු ගෙඩියක් ද කරේ තබාගෙන, කේ ජී එෆ් චිත්‍රපටියේ රොකීගේ දෙබස් කියද්දී ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දෙන්නට පටන් ගත්හ. නැටුම් කණ්ඩායමත් සමඟ ධීරා ධීරා ගීතයට ඔහු ඉදිරිපත් කළ රංගනය අතිවිශිෂ්ට වූයේය. විජේ ගේ මාස්ටර් චිත්‍රපටියේ වාති කමින් ගීතයට ඔහු කළ රංගනයට ද හිමි වූයේ ඉහළ ප්‍රතිචාරය. ඊට අමතරව විනාඩි විසි පහක කාලයක් ඇතුළත බෑන්ඩ් බාජා බරාත්, රාම් ලීලා, ගුණ්ඩේ, දිල් ධාදක්නෝ දෝ, පද්මාවත්, බජිරාඕ මස්තානි, ආර්ආර්ආර් චිත්‍රපටිවල ගීත සඳහා රංගනයන් ඉදිරිපත් කරන්නට ඔහුත් ඔහුගේ කණ්ඩායමත් සමත් වූයේය. ඔහු ශක්තියේ බලාගාරයක් ලෙස හඳුන්වමින් රසිකයන් ඔහුට ප්‍රශංසා කර තිබිණි.