අයිශ්වර්යා රජිනිකාන්ත් හින්දි චිත්‍රපටි අධ්යක්ෂණයට
අයිශ්වර්යා රජිනිකාන්ත් හින්දි චිත්‍රපටි අධ්යක්ෂවරියක් වශයෙන් දොරට වඩින්නට සූදානම් වෙමින් සිටින්නීය. ඇය කුළුඳුලේම අධ්‍යක්ෂණය කරන්නේ මීනු අරෝරා විසින් නිෂ්පාදනය කරනු ලබන ඕ සාති චාල්ය. අමිතාබ් බච්චන් රඟ පෑ, විවාදයට තුඩු දුන් චිත්‍රපටියක් වූ ජූන්ද් නිෂ්පාදනය කරන ලද්දේ මීනු අරෝරා විසිනි.
“ඔව්.. අයිශ්වර්යා ඇගේ මංගල හින්දි චිත්‍රපටි අධ්යක්ෂණයට සූදානම් වෙමින් ඉන්නෙ.. මේක සත්‍ය පෙම් කතාවක් ඇසුරින් නිර්මාණය වෙන චිත්‍රපටියක්.. මීට ටික කාලෙකට ඉස්සර මේ කතාව මාධ්‍යවල ලොකු කතාබහකට ලක් වෙලා තිබුණා.. මේ වෙලාවේ මට ඊට වැඩිය විස්තර කියන්න පුළුවන්කමක් නෑ.. මේ දවස්වල අපි තිර රචනය ගැන අවසන් තීරණයකට එන්නට සූදානම් වෙමින් ඉන්නෙ.. ඊට පස්සෙයි රඟ පාන නළුනිළියො කවුද කියලා තීරණය කරන්නෙ..” මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මීනු අරෝරා පැවසුවාය.
මෑතකදී අයිශ්වර්යා කොවිඩ් 19 වැළඳී සුවය ලැබුවාය. ඉනික්බිතිවත් උණ හා වෙනත් රෝග ලක්ෂණ නිසා නැවත රෝහල්ගත වෙන්නට ඇයට සිදු වූයේය. එය ඉතාමත් අමිහිරි අත්දැකීමක් වුණත් එයට දිරියෙන් හා සුබවාදීව මුහුණ දුන් බවත් චිත්‍රපටිය පිළිබඳව වැඩි විස්තර පසුව දැනුම් දෙන බවත් ඇය පැවසුවාය.