දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ්ගේ නම අලලා මේ වනවිට ආන්දෝලනාත්මක කතාවක් මුළුමහත් ඉන්දියාව පුරා පැතිර යයි. ඒ 46 වැනි වියෙහි පසුවන සිනමා නිළි මීනා දුරයිරාජ් හා ධනුෂ් අතර ආදර සම්බන්ධයක් මේ වනවිට පවතින බවය.
පසුගිය වසරේ තම සැමියාගේ අභාවයෙන් පසු මිනා, ධනුෂ් අතර ඉතා කුළුපග සම්බන්ධයක් පවත්වා ඇති බවත්, එය විවාහයක් දක්වා දුරදිග ගිය එකක් බවත් දමිළ සිනමා නළුවෙකු වූ බයිල්වාන් රංගනාදන් විසින් සිය යූටියුබ් නාළිකාවේදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත.
කිසිදු පදනමක් නැතිව ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇති බවට මිනා මෙන්ම ධනුෂ්ට හිතවත් පිරිස චෝදනා කර ඇති අතර, අනවශ්‍ය ලෙස නළු නිළි දෙපළගේ පෞද්ගලිකත්වයට හානි කළ බවට බයිල්වාන්ටද දැඩි විවේචන ඔවුන් විසින් එල්ල කොට ඇත. කෙසේ වෙතත්, ධනුෂ් මෙන්ම මීනාද මේ සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද වාර්තා වෙයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
