‘අයන් මැන්’ චරිතයට ආයේ ඩවුනි එන්නේ නැහැ
සුප්රකට මාවල් චිත්රපට සමාගමේ විධායක අධ්යක්ෂවරයා සමගින් මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදි ඔහු පවසා තිබුණේ නැවත වරක් ‘අයන් මැන්’ චරිතය තුළින් රොබට් ඩවුනි ජූනියර් දකින්නට නොලැබෙන බවය. එයට හේතුව වශයෙන් ඔහු පෙන්වා දි ඇත්තේ ඩවුනි විසින්ම මෙම චරිතය මේ වනවිට ප්රතික්ෂේප කර ඇති බවය.
එමෙන්ම අවස්ථා කිහිපයකදීම තම සමාගම ඔහුට විශාල මුදලක් ගෙවන්නටද පොරොන්දු වු නමුදු ඩවුනි යළිත් මෙම චිත්රපට චරිතය රඟපෑම ප්රතික්ෂේප කළ බවය. ඒ නිසාවෙන් ඉදිරියේදී මෙම චරිතයට ඉදිරියේදී අලුත් නළුවෙකු යොදා ගැනිමට මාවල් චිත්රපට සමාගම බලාපොරොත්තු වෙන බවද ඔහු පැවසීය.