අමිර්ගේ දූව ඉරාගේ විවාහ මංගල්‍යයට ආපු අමුත්තිය
සුපිරි බොලිවුඩ් නළු අමිර් ඛාන්ගේ එකම දියණිය ඉරා ඛාන්ගේ විවාහ ගිවිස ගැනීම මීට දින කිහිපයකට පෙර පවත්වනු ලැබීය. ඇයගේ අතගනු ලැබුවේ වසර ගණනාවක් තිස්සේ ඇයගේ පෙම්වතාව සිටි නිරූපණ ශිල්පි නුපූර් ශිඛාරේ සමගය.
මෙම විවාහ මංගල්‍යය සඳහා ඉරා මෙන්ම නූපුර්ගේ සමිපතමයින් පමණක් සහභාගි වූ අතර, ඉරාගේ පාර්ශවය නියෝජනය කරමින් සිනමා නිළි ෆාතිමා සානා ෂෙයික් සහභාගි වී සිටිනු දක්නට ලැබුණි. ප්‍රසිද්ධියේ වාර්තා නොවුණද ඇය වර්තමානයේ අමිර්ගේ පෙම්වතිය ලෙස කටයුතු කරන බව සඳහන් වෙයි.
මෙම විවාහ ගිවිස ගැනිමේ සියලු සංවිධාන කටයුතු කර තිබුණේ අමිර්ගේ දෙවැනි බිරිඳ වූ කිරන් රාඕය. එමෙන්ම අමිර්ගේ පළමු බිරිඳ මෙන්ම ඉරාගේ මවද වන රීනා දත්තාද මෙම විවාහ මංගල්‍යයට පැමිණ තිබීම කාගෙත් අවධානය යොමු වු කාරණයක් වී තිබුණි.