අමිර්ගේ ඛාන්ගේ බාල සොහොයුරා නැවතත් සිනමාවට එයි
සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන්ගේ බාළ සොහොයුරා වන ෆයිසාල් ඛාන් නැවතත් බොලිවුඩ් සිනමාව තුළ දකින්නට ලැබේ. ඒ සැප්තැම්බර් 03 වැනිදා සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර ඇති ‘ෆ්‍රැක්ටි’ චිත්‍රපටය තුළිනි.
ෆයිසාල් මීට පෙර අමිර් ඛාන් සමගින් ‘මේලා’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වි තිබුණි. එමෙන්ම අමිර් ඛාන් බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට සමත් වූ ‘ජෝ ජිත හේ වෝ සිකන්දර්’ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේද ෆයිසාල්ය. කෙසේ වෙතත්, මේ වනවිට අමිර් හා ඔහු අතර හිත් අමනාපකමක් පවතින බව සඳහන් වෙයි.