අමිතාබ්ට දෙවැනි වතාවටත් කොවිඩ් ආසාදනය වෙයි
බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන් දෙවැනි වරටත් කොවිඩ් අසාධිතයෙකු බවට පත්ව සිටියි. මීට දින කිහිපයකට පෙර කළ වෛද්‍ය පරික්ෂණවලදී මේ බව තහවුරු වී තිබේ. අමිතාබ් මේ වනවිට තමන් නැවතත් කොවිඩ් අසාධිතයෙකු බවට පත්ව තිබෙන බව නිල වශයෙන් සිය ටිවිටර් ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇත.
ඔහු සිය ටිවිටර් ගිණුම යාවත්කාලීන කරමින් සඳහන් කර ඇත්තේ තමන් සමග සමිපව පසුගිය දින කිහිපයේදී ගත කළ සැම දෙනාම වෛද්‍ය පරික්ෂාවක් කර ගැනීම වඩාත් සුදුසු බවය. එමෙන්ම ඔහු පවසන්නේ මේ වනවිට මරාන්තික මෙම වෛයිරසය නැවතත් ඉන්දියාව පුරා හිස ඔසවමින් සිටින නිසාවෙන් සියලු දෙනා සුපිරික්ෂාවෙන් සිටින ලෙසය.