’’අපි සැවොම එකතු වී එය ඉටු කරමු’’ ජීවය සුරකින පස වෙනුවෙන්, සුරූපි නිළි මවුනි තැබූ සටහන
පස සුරැකීම පිළිබඳව වූ උත්සවයකට සහභාගී වූ සුරූපී නිළි මවුනි රෝයි සිය ඉන්ස්ටග්රෑම් ගිණුම තුළ දීර්ඝ සටහනක් තබා තිබුණා.
සටහන පමණක්ම නොව ඇය ඊට සහභාගී වූ අවස්ථාවේ ලබාගත් සුන්දර රූ එකතුවක්ද ඊට එකතු කර තිබෙනු දක්නට ලැබුණා.
"....පස මිනිසුන්ට සහ පෘථිවියට තීරණාත්මක සේවාවන් රාශියක් සපයයි. පස අපගේ පිඟන් මත ආහාර තබයි, අපගේ ජලය පිරිසිදු කරයි, ගංවතුරෙන් අපව ආරක්ෂා කරයි සහ නියඟයට එරෙහිව සටන් කරයි. එය විශාල කාබන් ප්රමාණයක් ග්රහණය කර ගබඩා කරන බැවින් දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ද එය වැදගත් වේ. පසකින් තොරව ආහාර සුරක්ෂිතතාවයක් නොමැත...."
යනුවෙන් ඇය සිය සටහනේ දක්වා තිබුණා.
පහතින් දැක්වෙන්නේ ඇය තබා තිබූ එම සටහනත්, ඇය ඊට එකතු කර තිබූ සුන්දර රූ එකතුවයි.