අදිති රාඕගේ වර්තමාන පෙම්වතා සිද්ධාර්ත්ද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් බොලිවුඩ් චිත්‍රපටවලට පමණක් සීමා වී සිටි අදිති රාඕ හයිදාරි මේ වනවිට පෙම්වතියක්ව සිටින බවට කට කතා පැතිරෙයි. ඇයගේ පෙම්වතා අප කවුරුත් දන්නා හඳුනන සිද්ධාර්ත් සුර්යනාරයන්ය. 2003 වසරේ බෝයිස් දමිල චිත්‍රපටය නැරඹුවේ නම් සිද්ධාර්ත් ඔබට අමතක නොවේ.

අදිති කලින් විවාහ වි ඇති අතර, ඇයගේ පළමු විවාහය 2013 වසරේදී නිමා වි තිබුණි. ඇය විවාහ වි තිබුණේ පසුගිය වසරේ අති සාර්ථක වූ වික්‍රම් වෙදා චිත්‍රපටයේ රඟපෑ සත්‍යදිප් මිෂ්රාය. ඔහු මේ වසරේදී නැවත වරක් විවාහ විය. අදිති රාඕ හා සිද්ධාර්ත් අතර ප්‍රේම සම්බන්ධය මේ වනවිට රහසිගතව පවත්වන අතර, ඔවුන් දෙදෙනා මීට දින කිහිපයකට පෙර චෙන්නායි සුපිරි විවාහ මංගල්‍යයට එකිනෙකා සමගින් පැමිණ තිබුණ බව සඳහන් වෙයි.