‘අතිරංගි රේ’ පාඩු පිට පාඩු ලබලා
පස් වසරකට පසුව බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපටයක් සිය වියදම් වූ මුදලද සොයා ගැනිමට පවා නොහැකිව පාඩු ලබා තිබෙන බව වාර්තා වෙයි. ඒ ආනන්ද එල් රායි විසින් අධ්‍යක්ෂණය කළ ‘අතිරංගි රේ’ චිත්‍රපටයයි.
ආක්ෂේ කුමාර්, සාරා අලී ඛාන් හා දකුණු ඉන්දීය සුපිරි නළු ධනුෂ් රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටය මෙසේ පාඩු ලබා ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම චිත්‍රපටයේ පිටපතක් චිත්‍රපටය ප්‍රදර්ශනය විමට පෙර අන්තර්ජාලයට ලබාදී තිබිම හේතුව නිසාවෙනි.