අජේ දේව්ගන් හදිසියේම අමිතාබ් එක්ක රුසියාවේ යයි
අජේ දේව්ගන් අධ්‍යක්ෂණය කරන ‘මැයි ඩේ’ චිත්‍රපටයේ රූපගත කිරිමක් සඳහා රුසියාවේ මොස්කව් නගරය බලා පිටත්ව ගිය බව සඳහන් වෙයි. චිත්‍රපට රූපගත කිරිම් කාල සටහනට අනුව රුසියාවේ කිසිදු රූපගත කිරිමක් ඊට ඇතුලත් නොවුණ නමුදු අජේ ඇතුළු පිරිස මෙය හදිසියේම තිරණය කළ එකක් බව සඳහන් වෙයි.
රුසියාවේ ගුවන් ගමන් යළිත් වරක් ආරම්භ කිරිමත් හේතුවෙන් මෙම තිරණය ගත් බව අජේ පවසන අතර, ඔහු අමිතාබ් බච්චන්, රකුල් ප්‍රිත් සිං, බෝමන් ඉරානි ඇතුළු චිත්‍රපට කණ්ඩායමක් මේ වනවිට මොස්කව් නගරයට ගොස් සිටින බව වාර්තා වෙයි. ඔවුන් දින හයක කාලයක් මොස්කව් ගුවන් තොටුපොළේ සිදු කරන රූපගත කිරිමක් සඳහා එක්විමට නියමිතව ඇත.