අජිත් කුමාර්ගේ තුනිවු චිත්‍රපටය වියදම් මුදල සොයා ගැනීමට සමත් වෙයි
විජේගේ වරිසු චිත්‍රපටය සාර්ථක වීමත් සමග අජිත් කුමාර්ගේ තුනිවු චිත්‍රපටය මේ වනවිට ක්‍රමයෙන් පාඩු ලබන චිත්‍රපටයක් බවට පත්ව තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක වියදමින් තැනුණ මෙම චිත්‍රපටය මීට දිනකට පෙර එම ආදායම් තත්ත්වය ඉක්මවා යන්නට පමණක් සමත් විය.
තුනිවු මෙසේ අසාර්ථක වීමට හේතුව වි තිබුණේ ෂාරුක්ගේ පතන් චිත්‍රපටය තමිල්නාඩුව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමග බව සඳහන් වෙයි. ජනවාරි 11 වැනිදා තිරගත විම් ආරම්භ කළ තුනිවු චිත්‍රපටය තිරගත වු මුල් කාලයේදී විජේගේ වරිසු නිසා සිය ආදායම් තත්වය වැඩි කර ගැනීමටද නොහැකි විය.