අජේගේ අලුත්ම චිත්රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි
ජනප්රිය බොලිවුඩ් සිනමා නළු අජේ දේව්ගන් රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්රපටයක් මේ දිනවල බොක්ස් ඔෆිස් ලැයිස්තු අතර පෙරළි කරමින් ප්රදර්ශනය වෙමින් පවති. ඒ අභිෂේක් පාතක් අධ්යක්ෂණය කළ ඩ්රිර්ෂියාම් දෙවැනි චිත්රපටයයි.
මෙහි අජේ දේව්ගන් සමගින් ශ්රීයා සරන්, ආක්ෂය ඛන්නා, තාබු රංගනයෙන් දායක වෙයි. පසුගිය නොවැම්බර් 18 වැනිදා ප්රදර්ශනය වූ මෙම චිත්රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 168ක් වෙයි. චිත්රපටය නිර්මාණය කරන්නට වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 48ක් බව සඳහන් වෙයි.